Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ නාගොන් දිස්ත්‍රික්කයේ පිහිටි රක්ෂිතයක් තුළදී වන අලින් 18 දෙනෙකු අකුණු සැර වැදීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහි ප්‍රාන්ත වනජීවී බලධාරීන් සඳහන් කර සිටියේ ගම්වැසියන් ගෙන් ලද තොරතුරු අනුව තමන් සිදුවීම වාර්තා වූ රක්ෂිතයට ගොස් පරික්ෂා කිරීමේදී මියගොස් සිටි වන අලින් 18 දෙනෙකුගේ සිරුරු සොයා ගත් බවයි.

මියගොස් ඇති අලින් ගේ මරණ පරීක්ෂණ සිදුකිරිමට නියමිත බවත් එහිදී වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවත් වනජීවී බලධාරීන් වැඩිදුරටත් සඳහන් කොට ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *