අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස වන තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට රැස්වී විරෝධතාව දැක්වූ ජනතාව විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්රහාර එල්ල කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඔහුගේ රජයට ඉල්ලා අස්විය යුතු බව පවසමින් අද දිනයේ රට පුරා මහජන විරෝධතාවයන් පැවැත්වෙන අතර තංගල්ලේදී ද එවැනි විරෝධතා කිහිපයක් ක්රියාත්මක වුනා.
අද පෙරවරුවේ තංගල්ලේදී විරෝධතාකරුවන් අග්රාමාත්යවරයාගේ පෞද්ගලික නිවස වටකර ගැනීම වැළැක්වීම සඳහා පොලීසිය විසින් ස්ථාපිත කර තිබූ මාර්ග බාධක ද කඩා බිඳ දැමුවා.
විරෝධතාවයේ නිරත ජනතාව විසුරුවා හැරීමට පොලිසිය මේ වනවිට කඳුළු ගෑස් සහ ජල ප්රහාර එල්ල කර තිබෙනවා.
Police use water cannons & tear gas to disperse protesters near Tangalle PM’s house#lka #news #SriLankaCrisis #Carlton #PrimeMinister #Tangalle #GoHomeGota #GoHomeRajapakshas pic.twitter.com/98kYOPCAJI
— Ceylon News Factory 🇱🇰 (@CeylonNewsFact) April 4, 2022
Police have fired water cannons and tear gas to disperse protestors at Carlton Residence, Tangalle
#SriLanka #Lka #SriLankaCrisis @news_cutter pic.twitter.com/95FeVlntCB— Sri Lanka Tweet 🇱🇰 💉 (@SriLankaTweet) April 4, 2022