Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ඉතාලියේදී සංචාරයක නිරතවන අතරතුර වත්මන් රජය බලයට පත්වීමේදී පොරොන්දු වූ පරිදි පාස්කු ඉරුදින දින ත්‍රස්ත ප්‍රහාරයට තවමත් යුක්තිය ඉටුනොවීම හේතුවෙන් එයට විරෝධය දැක්වීමට ඉතාලියේ මෙන්ම ඒ අවට රටවල සිටින ශ්‍රී ලාංකික ජනතාව ඊයේ දිනයේ (12) කටයුතු කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින දේශනය පවත්වනු ලබන ඉතාලියේ බොලොඤ්ඤා නගරයේදී මෙම විරෝධය පවත්වනු ලබයි.

මෙලෙස විරෝධය සිදුකරනු ලබන අතරවාරයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වමින් පාස්කු ඉරුදින ප්‍රාහරයට යුක්තිය ඉල්ලා විරෝධය දක්වන පිරිසට විරෝධය දැක්වීම සඳහා පිරිසක්ද එම ස්ථානයට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වේ.

විරෝධයට සහභාගි වන පිරිස අදහස් දක්වමින් කියා සිටියේ තවදුරටත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රාහරයට යුක්තිය හා සාධාරණය ඉටුනොකර සිටීමට වත්මන් රජය කටයුතු කළහොත් මෙම සටන වතිකානුව දක්වා ද ඉන් නොනැවතී ජාත්‍යන්තරයට ගොස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දක්වා ද ගෙනයාමට පූජක පක්ෂයේ සහය නොමැතිව වුව ද ගිහි ජනතාව ලෙස කටයුතු කරන බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *