Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වත්මන් ආර්ථික අර්බුදය නිරාකරණය කිරීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් සකස් කිරීමට රජයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත්කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 2 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) අවසර ලබා දී තිබේ.

ඒ අනුව, අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින නීතිපතිවරයා, අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලය, භාණ්ඩාගාර ලේකම්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, එම බැංකුවේ මූල්‍ය මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇතුළු 42 දෙනෙකු වෙත අධිකරණය නොතිසි ද නිකුත් කෙරුණි.

අනතුරුව පෙත්සම ලබන 8 වනදා කැඳවීමට විනිසුරු මඬුල්ල නියමකර ඇති අතර එදිනට විරෝධතා ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published.