Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කොරෝනා ආසාදිත වී ඇතැයි හඳුනාගෙන තිබේ.

එසේ කොරෝනා ආසාදිත යැයි හඳුනාගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතාටයි.

අග්‍රාමාත්‍යවරයා හමුවීමට මන්ත්‍රීවරයා අරලියගහ මන්දිරයට පැමිණි අවස්ථාවේ සිදු කරන ලද ඇන්ටිජන් පරීක්ෂාවේ දී මේ බව හෙළි වී ඇත.

අග්‍රාමාත්‍යවරයා හමුවීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණෙන පුද්ගලයන්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරමින් ඇත.

එහිදී අදාළ මන්ත්‍රීවරයා හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *