Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා පොලිස් ලාංඡනය යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන සෞඛ්‍ය උපදෙස් ඇතුලත් පත්‍රිකාව ව්‍යාජ එකක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොලිසිය විසින් මුද්‍රණය කළ බවට හැඟවෙන ආකාරයෙන් පොලිසියේ ලාංඡනය යොදා මෙම ව්‍යාජ පත්‍රිකාව නිර්මාණය කර ඇති බවයි එම මහතා වැඩිදුරටත් කියා සිටියේ.

එහිදී එම පත්‍රිකාව පොලිසිය විසින් යොදන ලද එකක් හෝ පොලිසිය විසින් නිර්මාණය කළ එකක් ද නොවන බවත්, එහි ඇතුලත් කරුණු සම්බන්ධයෙන් පොලිසිය කිසිදු වගකීමක් නොදරන බවත එම මහතා අවධාරණය කළා.

මෙවැනි ව්‍යාජ පත්‍රිකාවක් නිර්මාණය කර අන්තර්ජාලයට මුදාහරිනු ලැබූ පුද්ගලයා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය විසින් විමර්ශණයක් ආරම්භ කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *