Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අටළුගම ප්‍රදේශයේ ඊයේ (11) ගැබිණි මාතාවන් අසූ දෙනෙකුට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදුකර ඇති අතර, ඉන් අටදෙනෙකුට වෛරසය වැළඳී ඇතැයි තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පරිබාහිර දිස්ත්‍රික්ක කිහිපයක අනුපොකුරු ආකාරයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවෙමින් පවතින බවයි.

අනුරාධපුර – කහටගස්දිගිලිය නගරයෙන්ද කොරෝනා ආසාදිතයෙකු හමුවී තිබෙනවා.

අහඹු ලෙස සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම රෝගියා හමුවී බවයි කහටගස්දිගිලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

එම ආසාදිතයා අකුරණ ප්‍රදේශයේ සිට කහටගස්දිගිලිය නගරයට පැමිණ ඇත්තේ වෙළඳසැලක සේවය කිරීම සඳහායි.

Featured Image Source – Getty Image

Image Source – Getty Image

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *