Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අඩි 200 පමණ උසකින් යුක්ත යුකෙලෙප්ස්ටික් ගසක අතු කැපිමට ගස මුදනට නැගි වතු කම්කරුවෙකු හදිසියේ ගස මුදුනෙහිම රෝගාතුර විම නිසා එම වතු කම්කරුවා නිරුපද්‍රිතව ගසෙන් බිමට ගැනිමට පැය තුනක පමණ මෙහෙයුමක් දියත් කල බව ලිදුල පොලිසිය පැවසිය.

ලිදුල ලැමරිය වත්තේ පදිංචි 25 හැවිරිදි බාලචන්ද්‍රන් අධිෂ්ඨකුමාර් යන අය තම නිවසට අවශ්‍ය දර කපා ගැනිම සදහා පවුලේ සමාජිකයන් සමග පැමිණ ගසට නැග ගසේ අතු කපමින් සිටින අවස්තාවේ ලිදුල ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඔහු ගස මුදුනෙහිම රෝගාතුර වි ඇත.

පසුව එම වතු යායේ තරුණයන් සිව්දෙනෙකු ලිදුල පොලිසියේද සහයෝගය ඇතිව ගස මුදුණට නැග කඹයක් ආධාරයෙන් ගස මුදුණේ රෝගාතුරව රැදි සිටි තරුණයාව නිරුපද්‍රිතව බිමට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.