Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වවුනියාව, ඕමන්තේ මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ කැබ් රථයක ගැටී යුද හමුදා සාමාජිකයින් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා.

බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කළ කැබ් රථයක් වවුනියාව, ඕමන්ත මහා විද්‍යාලය අසල මාර්ග බාධකයේදී නැවැත්වීමට සංඥා කිරීමේදී එහි රාජකාරියේ නිරතව සිටි හමුදා සාමාජිකයින් දෙදෙනකු අනතුරට ලක්කර කැබ් රථය පළා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

පසුව එය අසල බෝක්කුවක ගැටී නතර වී ඇති අතර එහි සිටි පුද්ගලයින් පළාගොස් තිබෙනවා.

අදාළ කැබ් රථය මේ වන විට ඕමන්ත පොලීසිය භාරයේ ඇති අතර අනතුරින් තුවාල ලැබූ හමුදා සාමජිකයින් දෙදෙනා වවුනියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (17) පස්වරුවේ මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *