Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබල දීම සහ ඔවුන් සමඟ සමීප සබඳතා පැවැත්වීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් පැය 72 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා අද (24) අලුයම අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන්ගේ නිවෙස්වල සිටියදියි.

ඒ අනුව පළමුව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් අතර, ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලවත්තේ පිහිටි සිය නිවසේදියි.

අත්අඩංගුවට පත්වීමට ප්‍රථම රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමේද සටහනක් තබමින් සමාජ මාධ්‍ය වෙතද වීඩියෝවක් නිකුත් කර තිබුණා.

රජයේ මුදල් අවභාවිත කිරීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ පසුගිය වසරේ අත්අඩංගුවට ගැනුනු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඇප මත නිදහස්වයි සිටියේ.

නීතිපතිවරයා විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය වසරේ ඔක්තෝම්බර් 13 වනදා නියෝග කරනු ලැබුවා.

කෙසේ වෙතත් පොලිස් කණ්ඩායම් හයක් යෙදවූවත් එවක දින හයක් යනතුරු ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

පසුව දෙහිවල මහල් නිවසක සැඟව සිටියදී දින හයකට පසු ඔහු පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගිය වසරේ අප්‍රේල් 14 වනදා රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ, පාස්කු ප්‍රහාරයට අදාළ පරීක්ෂණ සඳහායි. කෙසේ වෙතත් පසුව ඔහු ඇප මත මුදාහැර තිබුණා.

Spotlight on the Bathiudeen brothers - The Morning - Sri Lanka News
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *