හිනිදුම පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් හිනිදුම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුලු 16 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.
එමෙන්ම අදාළ පොලිස් නිලධාරීන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ අද දිනයේ සිදුකිරීමටද නියමිතයි.
හිනිදුම පොලිසිය අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා උඩුගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බූස්ස බන්ධනාගාරය වෙත යොමු කරනු ලැබුවා.
එහිදී මොවුන් කොරෝනා ආසාදිතයන් ලෙස හදුනා ගැණුනු අතර ඒ අනුවයි පොලිසියේ නිළධාරීන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත්තේ.
කෙසේ වෙතත් පොලිස් ස්ථානය මෙතෙක් වසා දමා නොමැති අතර, ස්වයං නිරෝධායනයට ලක්වන පිරිස හැර අනෙකුත් නිලධාරීන් යොදවා පොලිස් ස්ථානයේ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බවටයි වාර්තාවන්නේ.