පවතින ඩොලර් අර්බුදය හමුවේ ඖෂධ ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීමෙන් මේ වන විට රටතුළ දැඩි අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය පවසයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සංජීව විජේසේකර මහතා.
ලංකාවේ ඖෂධවලින් සියයට 85ක් පමණ ආනයනය කරන ඖෂධ තියෙන්නේ. වේදනාවට උණට ගන්න පැරසිටමෝල් හිඟයක් තියෙනවා. අධික රුධිර පීඩනයට, කොලෙස්ටරෝල්වලට ගන්න බෙහෙත් ඒවා සෑහෙන්න ප්‍රමාණයක් දැනට ගන්න නෑ.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අසාන් ජවාඩ් මහතා.
දැනට තව සති හයකට වගේ ඖෂධ තියෙනවා. නැතුවම නෙවෙයි. දැන් තියෙන තත්ත්වය අපි හරි විදියට පාලනය කළේ නැත්නම් අපි ලොකු අර්බුධයකට යනවා. ජීවිත ආරක්ෂක ඖෂධත් නැතුව යනවා මේ රටේ. අපි කියන්නේ ඩොලර් මිලියන 25ත් 30ත් අතර ප්‍රමාණයක් ඕන වෙනවා කියන එක. සාකච්ඡා කරලා මෙකට විසඳුමක් දෙන්න.