Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අනුරාධපුර මධ්‍ය මහා විදුහලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ15 හැවිරිදි සිසුවකු පොළඟකු දෂ්ට කිරීමෙන් පසුගිය 08වෙනිදා මියගොස් තිබෙනවා. ඔහු අනුරාධපුර කලත්තෑව ප්‍රදේශයේ විනුක් තෙවිනාත් නමැති සිසුවෙක්.

සර්පයා දෂ්ට කිරීමෙන් සිසුවා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණා. විෂ උත්සන්න වීම නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු ඉකුත් 08 දා සිසුවා මිය ගොස් තිබෙනවා .

අදාල සර්ප විෂට ලබාදෙන ඖෂධ ලබාදීමෙන් පසු ඇතිවන ආසාත්මිකතාවයට ලබා දෙන අත්‍යඅවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ වර්ග නොමැති වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට වාර්තා වනවා.

සිසුවා අසාධ්‍ය වීමෙන් පසු අදාල අත්‍යවශ්‍ය ඖෂධය රෝහලේ නොමැති බවට බවට රෝහල් බලධාරීන් දෙමාපියන්ට දැනුම් දී තිබුණා. පසුව ඔවුන් මෙම ඖෂධය සොයා පුද්ගලික ‌ඖශධ වෙළඳ සල් 48 කට ගොස් ඇතත් ඖශධය සොයා ගැනීමට හැකිව නැහැ.

පසුව දරුවා කාලය ඉක්ම යාමත් සමඟ මියගොස් තිබෙනවා.

දැනට රටතුල පවතින මෙම අත්‍යාවශ්‍ය හා ජීවිතාරක්ෂක ඖෂධ හිඟය සම්බන්ධයෙන් තමන් මාස ගණනක සිට කරුණු ඉදිරිපත් කලද සෞඛ්‍ය බලධීරීන් හා සෞඛ්‍ය අමාත්‍යවරයා දැඩි නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බව සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බන්ඩාර පවසනවා.

මෙම ඖෂධ හිගය නිසා රෝගී ජීවිත දැඩි අවධානමකට ලක්වෙලා. මෙම දරුවාගේ මරණය ‌රටපු‌රා රෝහල් තුල සිදුවන මෙවැනි මරණ වලින් එක් අනාවරණයක් පමණයි. ආණ්ඩුව වහාම මෙම ‌ඖෂධ හිගයට පිළියම් යෙදිය යුතුයි නැතිනම් ආණ්ඩුව හා ‌සෞඛ්‍ය ඇමති වරයා මෙම මරණ වල වගකීම බාර ගත යුතුයි.

යැයි වෛද්‍ය ජයන්ත බන්ඩාර වැඩිදුරටත් අවධාරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *