වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා ඉන්දියාවෙන් සහ පාකිස්තානයේ ණය ඉල්ලා තිබේ.
දැනටමත් අදාළ රටවල වෙලද අමාත්‍යවරුන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව වැඩි වශයෙන්ම සහල්, ලොකු ලූනු, අර්තාපල් වැනි අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ මිලට ගනු ලබන්නේ ඉන්දියාව සහ පාකිස්තානය යන රටවලිනි.
මේ අතර ඉදිරියේදී රට තුළ සාගතයක් ඇති වනු ඇති බවට විවිධ පාර්ශව වලින් අනතුරු අඟවා ඇත.