Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදා හැර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ රුපියල් ලක්ෂ 10 බැගින් වන පුද්ගලික ඇප මත ඔවුන් දෙදෙනා මුදා හැර ඇති බවයි.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පන්තියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත් වූ බවට චෝදනාවකට මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබුනා.

කොළඹ තරු පහේ හෝටලයක මෙම උපන්දින උත්සවය පවත්වා ඇත්තේ ඊයේ රාත්‍රියේදීයි.

ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුවයි කොටුව පොලිස් ස්ථානය විසින් විමර්ශන ආරම්භ කර ඇත්තේ.

තවත් 20 ත් 25 අතර සංඛ්‍යාවක් උත්සවයට පැමිණ ඇති අතර ඉන් 12 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.ඉතිරි පිරිසද හඳුනාගැනීම සඳහා සී සී ටී වී දර්ශන උපයෝගී කරගන්නා බවයි පොලිසිය සඳහන් කලේ.

අත්අඩංගුවට ගත් චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ නිරෝධායන පණත උල්ලංඝනයට අදාළවයි.

වැඩිදුර නඩු විභාගය ලබන අගෝස්තු 27 වනදා සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *