Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පසුගිය බ්‍රහස්පතින්දා සිට අතුරුදන්වී සිටි බම්බලපිටියේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන ඇල්ඩන් ඩෙවෝන් කෙනී නමැති 16 හැවිරිදි සිසුවා හමුවී තිබෙනවා.

පවුලේ ඥාතියෙකු සඳහන් කළේ, ඊයේ රාත්‍රී 10ට පමණ එම සිසුවා නිවසට පැමිණ ඇති බවයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයටද පෙනී සිටි ඔහු පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන කාලයේ රත්මලානේ පිහිටි සිය නිවසින් පිටත්වගොස් තිබුණා.

පොලිසිය විසින් සී සී ටී වී දර්ශන කැමරා දත්ත විශ්ලේෂණය කරමින් මෙම සිසුවා සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායම් 04 ක් ද අනුයුක්ත කර තිබුණා.

නිවසට පැමිණි එම සිසුවා ප්‍රකාශකර ඇත්තේ තමාට තනිව සිටීමට අවශ්‍ය බවට සිතුවිල්ලක් පහල වීම හේතුවෙන් නිවසින් පිටව ගිය බවයි.

නිවස අවට ප්‍රදේශයේම මෙම දින කිහිපය ඔහු ගතකර ඇති අතර මව ප්‍රකාශ කලේ සිසුවාට කිසිදු අනතුරක් සිදුවී නොමැති බවයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *