Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (12) දිනයේ මෙරට හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2,642ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යාවත්කාලීන කළ නිවේදනයේ සඳහන් වේ.

ඒ අද පළමුවරට වාර්තා වූ ආසාදිතයින් 2,022ට අමතරව තවත් ආසාදිතයින් 619 දෙනෙකු දෙවනවර හඳුනා ගැනීමත් සමඟ විදෙස්ගතව සිට මෙරටට පැමිණි 01 අයකුද හඳුනා ගැනීමත් සමඟ බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 485,922ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම ඊයේ (11) දින තවත් කොවිඩ් මරණ 144ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම කොවිඩ් මරණ 144න් 67 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 77දෙනා පිරිමි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

ඒ අනූව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,296ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,579 දෙනෙකු සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 412,812 දක්වා ඉහළ යයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *