Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය අද දිනයේ තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවටයි වාර්තා වෙන්නේ.

උතුරු, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, ත්‍රිකුණාමලය, නුවර සහ නුවරඑළි දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි යි.

මාතලේ, පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇති වෙනු ඇති.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම නිල්වලා හා ගිං ගඟ යන ගංගා සහ අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම දෙපාර්තමේන්තුව කියා සිටියේ, මේ හේතුවෙන් අදාළ ගංගා අවට වෙසෙන පහත්බිම්වල ජනතාවට මේ පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසයි.

මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහඔය පිටාර ගලා, ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මහඔය පිටාර ගැලීමෙන් ගිරිඋල්ල, වරදගොල්ල, නාල්ල, දිවුල්දෙණිය, වැලිහින්ද, අලව්ව, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව හා කටාන යන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමට ඉඩකඩ ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published.