Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, වයඹ සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද (09) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද ඔවුන් සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට සුදුසු ක්‍රියාමාර්ග කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.

එමෙන්ම දිවයිනේ දිස්ත්‍රික්ක 13ක නායයෑමේ අවදානමට ලක්විය හැකි ස්ථාන 147ක් හඳුනාගෙන තිබෙනවා අතර
කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක වල මෙන්ම රඹුක්කන සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගයේ ආපදාව අවදානම් සහිත ස්ථාන 22ක් ද හඳුනාගෙන ඇති බවයි ජාති ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *