අද (11) සහ හෙට (12) යන දෙදින තුළ පැය 4ක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
මෙම තීරණයට මහජන උපයෝගීතා කොමිසමද අදාළ අවසරය ලබාදී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සදහන් කරනවා.
ඒ අනුව අද දිනයේ විදුලි කප්පාදුව උදෑසන 8.30 සිට රාත්රී 10.45 දක්වා අතර කාලය තුළ සිදුවනු ඇති.
ABC කලාපවලට උදෑසන 8.30 සිට උදෑසන 10.45 දක්වා සහ ABCD සවස 5.30 සිට රාත්රී 7.15 දක්වා විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.
D කලාපයට සහ EF කලාපවලට උදෑසන 10.45 සිට දහවල් 1 දක්වා පමණක් විදුලි කප්පාදුව සිදුකෙරේ.
දහවල් 1 සිට සවස 3.15 දක්වා GHI කලාපවලටත් 3.15 සිට 5.30 දක්වා JKL කලාපවලටත් රාත්රී 7.15 සිට 9 දක්වා EFGH කලාපවලටත් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.
මීට අමතරව රාත්රී 9 සිට රාත්රී 10.45 දක්වා IJKL කලාපවලට විදුලි කප්පාදුව සිදුකෙරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා.