Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දෛනික කොවිඩ් වාර්තාවට අනුව අද (03) මෙරටින් නව කොරෝනා මරණ 202ක් සහ නව ආසාදිතයින් 3,644ක් වාර්තා වුණා.

ඒ අනුව අද වාර්තා වුයේ ඊයේ (02) දින තහවුරු කල කොරෝනා ආසාදිත මරණ 202ක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

එම කොවිඩ් මරණ 202න් 89 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 113දෙනා පිරිමි පුද්ගලයින් වේ.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 155 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු ද සිටී.

එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 42 දෙනෙක් අවුරුදු 30-59ක් අතර පුද්ගලයින්ය.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 9,806 දක්වා ඉහළ ගොස් තිබේ.

සම්පූර්ණ මරණ වාර්තාව පහතින්,

එමෙන්ම අද (03) දින මුල් වතාවේ මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 2,780 ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 864 හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 3,644 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාධිතයින් ගණන 451,401 දක්වා ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,998 දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය ද 380,166ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *