Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පාලන මිලක් නිකුත් කර තිබීයදීත් සඟවා ඇති සීනි සහ සහල් තොග වැටලීම පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් විසින් අදත් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබුණි.

එම මිල ගණන්වලට වෙ‍ළෙඳපොළට නිකුත් නොකර තවදුරටත් සඟවා තබාගෙන සිටින සීනි සහ සහල් තොග මෙලෙස පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් විසින් වැටලනු ලැබීය.

ඒ යටතේ බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ සීනි ගබඩාවක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් විසින් අද වටලනු ලැබු අතර එහිදී සොයාගන්නා ලද සීනි ප්‍රමාණය මෙට්‍රක් ටොන් 1,500 කට ආසන්නය.

වත්තල ප්‍රදේශයේ ගබඩාවක් තුළ වෙළෙඳපොළට නිකුත් නොකර සඟවා තිබු සීනි කිලෝ 50 ගෝනි 12,500ක ප්‍රමාණයක්ද අද පාරිභෝගික සේවා අධිකාරිය සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් වටලනු ලැබීය.

එමෙන්ම එම ස්ථානයේ තිබී සීනි දියකර පුරවා තිබූ පැණි බැරල් 218ක්ද මෙම වැටලීමේදී සොයාගෙන තිබේ.

එසේම ඔරුගොඩවත්ත ප්‍රදේශයේ සීනි ගබඩාවක් වැටලීමෙන් සොයාගත් සීනි මෙට්‍රක් ටොන් 5,500 ක ප්‍රමාණයක් අද පාරිභෝගික සේවා අධිකාරිය යටතට ගනු ලැබු අතර එම තොග සතොස සහ සමුපකාර හරහා වෙළෙඳපොළට නිකුත් කිරීම ආරම්භ කෙරුණි. 

මේ අතර ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පවත්වාගෙන යනු ලැබු ලියාපදිංචි නොකළ වී ගබඩා තුනකට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් අද මුද්‍රා තබනු ලැබීය.

යකල්ල, ගෝමරන්කල්ල, මෙගොඩවැව යන ප්‍රදේශවල තිබු වී ගබඩා 03ක් ද මුද්‍රා තබනු ලැබු අතර ඒවායේ තිබු වී තොග ප්‍රමාණය මෙතෙක් තක්සේරු කර නොමැත.

එමෙන්ම ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ, තඹලගමුව සහ මුල්ලිපොතාන යන ප්‍රදේශවල ගබඩා 04ක  සඟවා තිබු කිලෝ ලක්ෂ 2 කට අධික වී මලු 2,000ක ප්‍රමාණයක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් අද තම භාරයට ගත්තේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *