Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පෑලියගොඩ පොලිස් වසමේ නෙල්ලිගහවත්ත සහ පූරණ කොටුවත්ත ප්‍රදේශය සහ කිරිබත්ගොඩ – විලේගොඩ – උතුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ජයන්ති මාවත අද (21) අලුයම 5ට හුදෙකලා කෙරුණා.

මේ අතර, වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලා පාර ප්‍රදේශ දෙක අද (21) අලුයම 5 සිට හුදෙකලාබවින් ඉවත් කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම, වත්තල – කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසමේ නයිදූව ප්‍රදේශය සහ පෑලියගොඩ – ගඟබඩ ග්‍රාම නිලධාරී වසම මෙන්ම කිරිබත්ගොඩ – විලේගොඩ – උතුර ග්‍රාම නිලධාරී වසමට ද පනවා තිබූ හුදෙකලා බව අද (21) අලුයම 5ට ඉවත් කෙරුණා.

කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, ආදුරුප්පුවීදිය, වේල්ලවීදිය, කෙසෙල්වත්ත, මාළිඟාවත්ත, දෙමටගොඩ සහ මරදාන යන පොලිස් වසම් තවදුරටත් හුදකලා කෙරෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම කොම්පඤ්ඤවීදිය – වෑකන්ද ග්‍රාම නිලධාරි වසමටත්, බොරැල්ල – වනාතමුල්ල ග්‍රාම නිලධාරි වසමටත්, වැල්ලම්පිටිය – ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය, මට්ටක්කුලිය – ෆර්ගසන් පාරේ දකුණු කොටස, කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරි වසම, කුරුඳුවත්ත පොලිස් වසමේ 60 වත්ත, වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස සහ නසීර් වත්ත මෙන්ම මිරිහාන පොලිස් වසමේ දෙමළවත්ත ප්‍රදේශ තවදුරටත් හුදකලා වනු ඇති.

ඊට අමතරව වත්තල පොලිස් වසමේ වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරි වසමේ දූවේ වත්ත ප්‍රදේශය, පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩවත්ත ග්‍රාම නිලධාරි වසම, මීගහවත්ත ග්‍රාම නිලධාරි වසම, පට්ටිය උතුර ග්‍රාම නිලධාරි වසමේ රෝහණ විහාර මාවත, කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය උතුර ග්‍රාම නිලධාරි වසමේ වැදිකන්ද ප්‍රදේශය තවදුරටත් හුදකලා කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ.

එමෙන්ම මීගමුව තල්දූව ග්‍රාම නිලධාරි වසමේ එම් සී නිවාස යෝජනා ක්‍රමය, නිට්ටඹුව – තිහාරිය උතුර සහ තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම් වල වාරණ පන්සල පාර, කත්තොට පාර සහ හිද්‍රා මාවතට ඇතුළත් වන ප්‍රදේශ තවදුරටත් හුදකලා වනු ඇති.

ඊට අමතරව වේයන්ගොඩ – හිරිපිටිය දකුණ ග්‍රාම නිලධාරි වසමේ නිදහස් මාවත, පූගොඩ පොලිස් වසමේ කුමාරිමුල්ල ග්‍රාම නිලධාරි වසම ද තවදුරටත් හුදකලා කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *