Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දෛනික කොවිඩ් වාර්තාවට අනුව අද (25) දිනය තුල තවත් කොරෝනා මරණ 198 ක් සහ නව ආසාදිතයින් 4,483 වාර්තා වුණා.

ඒ අනුව ඊයේ (24) දිනය තුල දී තහවුරු කරගත් කොරෝනා මරණ ගණන 198 කි.

කාන්තාවන් 79 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 119 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

එම මරණ අතර අවුරුදු 60 සහ ඊට වැඩි පිරිස 146ක් සහ අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙකු ද වෙයි.

මේ වනවිට නිල වශයෙන් ලංකාව තුළ වාර්තා කරන ලද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 7,948කි.

එමෙන්ම අද දිනය තුල දී පළමුවර වාර්තා වූ ආසාදිතයින් 3,390 දෙනාට අමතරව තවත් ආසාදිතයින් 1,082 දෙනෙකු දෙවනවර මෙරට දී හඳුනා ගැනීමත් සමඟ විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයින් 11ක් ද ඇතුලත්ව බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් යාවත්කාලීන කළ නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව අද (25) දිනය තුල දී තහවුරු කරගත් සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 4,483 කි.

අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් ප්‍රමාණයත් සමඟ මේ දක්වා මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 407,768ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම අද දිනය තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,163 දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය ද 348,930ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *