Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (9) දිනයේදී කොරෝනා ආසාදිතයින් 356 දෙනෙකු වාර්තා විය.

ඔවුන් පෑලියගොඩ කොවිඩ් පොකුරෙහි ආශ්‍රිතයින් බව හඳුනාගෙන ඇත.

ඒ අනුව, කොරෝනා දෙවන රැල්ලට අදාළව වාර්තා වුණු ආසාදිතයින් සංඛ්‍යාව 10,807කි.

අද (10) දින උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ පුද්ගලයින් 595 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

කොවිඩ්-19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයට අනුව, ඊයේ (9) දිනය තුළ සිදු කර ඇති PCR පරීක්ෂණ ගණන 7,986කි.

ඒ අනුව, මේ වන විට ලංකාව තුළ සිදු කළ සමස්ත PCR පරීක්ෂණ ගණන 610,836ක් වේ.

මේ අතර, ඊයේ වාර්තා වූ කොරෝනා මරණයත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 36ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *