මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි සෞඛ්‍ය බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ කිහිපයක් අද (1) උදෑසන 5.00 සිට හුදෙකලා බවින් ඉවත් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මෙලෙස හුදෙකලා බැවින් ඉවත් කෙරෙන ප්‍රදේශ වන්නේ ගෆූර් පාර, මොහිනාර් මාර්ගය, සින්නතෝන පාර සහ ටෙලිකොම් මාවත-පළමු හරස් පාර යන ප්‍රදේශ වේ.