Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (26) දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම නිවේදනයේ සඳහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *