Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර  අද පැවැත්වෙන 02 වන පන්දුවාර 20 ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 02 ක් හෝ 03 ක් සිදුවනු ඇතැයි වාර්තා වනවා.

කොවිඩ් ආසාධිතව සිටි කුසල් ජනිත් පෙරේරා ඊයේ පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වීමත් සමඟ අද තරගයේදී ආරම්භක පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට එක්වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට අද තරගය සඳහා කැඳවනු ඇති බවත්, දකුණු අප්‍රිකාවට එරෙහි සියළු තරග වලදී දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූ භානුක රාජපක්ෂට අද තරගයේදී ලකුණු අතරට පිවිසීමට තවත් අවස්ථාවක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද තරගයේ දී බොහෝ දුරට කුසල් ජනිත් සමගින් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට වැඩි ඉඩක් පවතිනවා.

එමෙන්ම අකිල ධනංජය වෙනුවට අද තරගය සඳහා දඟ පන්දු යවන්නෙකු හෝ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු කැඳවීමට වැඩි ඉඩකඩක් පවතින අතර ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන පන්දුවාර 20 ක්‍රිකට් තරගය අද රාත්‍රී 07 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *