Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (29) දිනයේ හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2,329කි.

ඒ අද දින පළමුවර හඳුනාගත් ආසාදිතයින් 1,850 දෙනා හා තවත් ආසාදිතයින් 479 දෙනෙකු දෙවන වර හඳුනා ගැනීමත් සමඟින් බවයි යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසූයේ.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 304,151ක් දක්වා ඉහළ යයි.

එමෙන්ම ඊයේ (28) දින තහවුරු කර ඇති කොවිඩ් මරණ ගණන 66ක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනූව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,324ක් දක්වා ඉහළ යයි.

මේ අතර අද (28) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිට සුවය ලැබූ 1,641 දෙනා සමඟ මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 273,496ක් දක්වා ඉහළ ගියා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *