මන්නාරම බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවතී ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා දුර්වල වී එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතවම පවතිනවා.
එය මන්නාරමට කිලෝමීටර් 145ක් බටහිර දෙසින් ස්ථානගතව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
එමෙන්ම එය තවදුරටත් දුර්වල වී අඩු පීඩන කලාපයක් බවට පත්වන අතර එමගින් දිවයිනට වන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා.
මේ හේතුවෙන් උතුරු වයඹ සහ බස්නාහිර පළාත්වලත් අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
උතුරු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවිය හැකියි.
ඌව පළාතේ සහ අම්පාර, මඩලකපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල සවස 2න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40-50 දක්වා වන සුළං ඇතිවිය හැකියි.