Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (24) කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 457 කි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවක්, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිද කාන්තාවක්, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මේ අතර අද (24) දිනයේ දී කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 458 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 81,467ක් දක්වා ඉහළගොස් තිබේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *