Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව සහ බස්නාහිර පළාත්වල මෙන්ම නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

ඌව පළාතේ සහ අම්පාර මෙන්ම මඩකලපුව දිස්ත්‍රික්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ක් 50ක් පමණ දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *