Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (09) වප් පොහොය දිනයේ විහාරස්ථාන අඳුරේ තබමින් සිදුකරන විරෝධතාව අත්නොහරින බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

ඒ අනුව උන්වහන්සේ සඳහන් කරන්නේ, උන්වහන්සේලා බලාපොරොත්තු වන සාධාරණය ඉටුවන තෙක් යම් අහිංසාවාදී විරෝධතාවකට එළඹීමට තීරණය කළ බවයි.

ඒ අනුව මෙවර පොහොය කළුවර වප් පොහොය ලෙස සම්මත කර අද පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා විදුලි පහන් නිවා දමා ආගමික වතාවත් සිදු කිරීමට තීරණය කළ බවයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් විරෝධය පා වප් පුර පසළොස්වක පොහෝ දිනය යෙදෙන අද (9) රාත්‍රියේ විහාරස්ථානවල විදුලි පහන් නිවා අඳුරේ තැබීමට භික්ෂූන් වහන්සේලා ගෙන ඇති තීරණයට සහය පළ කරමින් කොළඹ අගරදගුරු පදවියේ දේවස්ථානවල ද විදුලි පහන් නිවන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් දැනුම් දී ඇතැයි සිරිල් ගාමිණී පියතුමෝ පැවසූහ.

ඒ අනුව විහාරස්ථානවල පහන් නිවා තැබෙන හෙට සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා මෙම දේවස්ථාන ද අඳුරේ තබන බව පියතුමෝ සඳහන් කළහ.

සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් මේ බව පැවසුවේ කොළඹ අගරදගුරු මැදුරේ දී ඊයේ (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සාමාන්‍ය ජනතාවට මෙන්ම ආගමික ස්ථානවලටත් ඉහළ ගිය විදුලි බිල පීඩාවට පත්වෙලා.සාමාන්‍ය ජනතාවට මෙන්ම ආගමික ස්ථානවලටත් ඉහළ ගිය විදුලි බිල හේතුවෙන් පීඩාවට පත්ව ඇති නිසා මෙම සංකේතාත්මක විරෝධතාව පවත්වන බව පියතුමෝ කීහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *