Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සංචරණ සීමා පැනවීමත් සමඟ පළාත් අතර දුම්රිය ධාවන කටයුතු ද අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවිමට තීරණය කර තිබෙනවා.

පළාත් තුළ පමණක් දුම්රිය ධාවනය සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පළාත් අතර සංචරණ සීමා පැනවිමට තීරණය කිරීමත් සමග එම පියවර ගන්නා බවයි ප්‍රවාහන බලධාරින් පැවසුවේ.

කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා බස්රථ ධාවනය කිරීම පිළිබඳ සාකච්ඡා කෙරෙමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් තීරණ පසුව දැනුම් දෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *