අද (23) දිනය වන විට මෙරට තුළ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 20,000 ඉක්මවා ගොස් තිබේ.
ඒ, ඊයේ (22) දිනය අවසන් වන විට හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 400 ද සමගය.
එම 400 දෙනා අතරින් 391 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයින් වන අතර ඉතිරි 9 දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණි අය වේ.
විදේශයන්හි සිට පැමිණි අය අතුරින් එක් පුද්ගලයෙකු චීනයෙන් ද, තවත් පුද්ගලයෙකු රුසියාවෙන් ද, කටාර් සිට තිදෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 4 දෙනෙකු ද සිටී.
මේ අනුව, දෙවන කොරෝනා රැල්ලට අදාළව වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 16,643ක් වන අතර පළමු කොරෝනා ආසාදිතයා මෙරටින් හඳුනාගත් පසු වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 20,171ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර, මෙරටින් ඊයේ (22) දිනයේ කොරෝනා මරණ 4ක් වාර්තා විය.
70 හැවිරිදි කාන්තාවක්, 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, 84 හැවිරිදි කාන්තාවක් සහ 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මිය ගිය අතර වේ.
ඔවුන් සියලු දෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් ය.
ඉන් එක් අයෙක් නිවසේදී මියගොස් තිබෙන අතර දෙදෙනෙකු ම රෝහලටවලට ඇතුළත් කරන අවස්ථාවේදී මිය ගොස් ඇතැයි වාර්තා වේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ පරිදි මොවුන්ගෙන් තිදෙනෙකුගේ ම මරණයට හේතුව කොවිඩ්-19 වැළඳීම නිසා ඇති වූ නියුමෝනියා තත්ත්වයයි.
ඒ අනුව, ඊයේ වාර්තා වූ මරණ 4ත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 87ක් දක්වා ඉහළ ගොස් ඇත.
Featured Image Source – Getty Image