Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ආබාධිත පුද්ගලයින් සඳහා පැවැත්වෙන ඔලිම්පික් උළෙල වන පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා අද ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනකු පිවිසීමට නියමිතය.

පිරිමි කේවල ඔරු පැදීම ඉසව්වේ දෙවන මූලික තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහේෂ් ජයකොඩි සහභාගි වන අතර එම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7 ට ආරම්භ වේ.ඔහු තරඟ වදින්නේ එක්සත් ජනපද, බ්‍රිතාන්‍ය ,යුක්ක්‍රේන,ඊශ්‍රායල සහ නයිජීරියානු ක්‍රීඩකයින් සමඟිනි.

පිරිමි ඒකල රෝද පුටු ටෙනිස් ඉසව්වේ පළමු වටයේ තරඟය පෙරවරු 7.30 ට ආරම්භ වන අතර එම තරඟ ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඩී.එස්.ආර්.ධර්මසේන සහභාගි වේ.එහිදී ඔහු තරඟ වදින්නේ චිලී ක්‍රීඩක ඇලෙක්සැන්ඩර් කැටෙල්ඩෝ සමඟිනි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *