Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දෛනික කොවිඩ් වාර්තාවට අනුව අද (22) දිනය තුල තවත් කොරෝනා මරණ 183 ක් සහ නව ආසාදිතයින් 4,304 වාර්තා වුණා.

ඒ අනුව ඊයේ (19) දිනය තුල දී තහවුරු කරගත් කොරෝනා මරණ ගණන 183කි.

කාන්තාවන් 76 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 107දෙනෙකුද ඒ අතර සිටි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 136 දෙනෙකු සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

මේ වනවිට නිල වශයෙන් ලංකාව තුළ වාර්තා කරන ලද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 7,366කි.

එමෙන්ම අද දිනය තුල දී පළමුවර වාර්තා වූ ආසාදිතයින් 3,110 දෙනාට අමතරව තවත් ආසාදිතයින් 1,172 දෙනෙකු දෙවනවර මෙරට දී හඳුනා ගැනීමත් සමඟ විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයින් 22ක් ද ඇතුලත්ව බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් යාවත්කාලීන කළ නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව අද දිනයේ වාර්තා වි ඇති කොරෝනා ආසාදිත ගණන 4,304ක් වන අතර එය දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිත ප‍්‍රමාණයයි.

අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් ප්‍රමාණයත් සමඟ මේ දක්වා මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 390,000ක් දක්වා ඉහළ ගියා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *