Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද පස්වරුවේ කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය සඳහන් කළා.

ඒ, අපවත් වී වදාල ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ මහානායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවයේ රිය පෙරහර හේතුවෙන්.

ඒ අනුව, රිය පෙරහර ගමන් කරන ගල්කිස්ස, ගාලුපාර, බම්බලපිටිය, තුම්මුල්ල හන්දිය හරහා නිදහස් චතුරස්‍රය දක්වා මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් පස්වරු 1 සිට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය සඳහන් කළා.

රිය පෙරහැර ගාලු පාර ඔස්සේ බම්බලපිටිය වජිර පාර තෙක් පැමිණ එතැනින් වජිර පාර ඔස්සේ හැව්ලොක් මාර්ගයයට පිවිසීමට නියමිතයි.

ඉන් අනතුරුව තුම්මුල්ල හන්දියෙන් තර්ස්ටන් පාර ඔස්සේ ඉදිරියට පැමිණෙන රිය පෙරහැර ජාතික කෞතුකාගාරය ඉදිරිපිටින් ගමන් කර නන්දා මෝටර්ස් වටරවුමෙන් දකුණට හැරී නිදහස් මාවතට පිවිස නිදහස් චතුරස්‍රය වෙත ළගා වනු ඇති.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *