Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 20ක් අද (06) සිට නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබෙනවා.

කොවිඩ් තත්ත්වය හේතුවෙන් සහ දුම්රිය මගීන් ප්‍රමාණවත් තරම් නොමැතිවීම හේතුවෙන් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව අද රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබූ කොළඹ -බදුල්ල, කොළඹ – ත්‍රිකුණාලය, කොළඹ කන්කසන්තුරේ, රාත්‍රි තැපැල් දුම්රියන් තාවකාලිකව අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මීට අමතරව කොළඹ – වේයන්ගොඩ, කොළඹ – මීරිගම, කොළඹ අඹේපුස්ස, කොළඹ පානදුර, ගාල්ල – අලුත්ගම සහ අලුත්ගම – ගාල්ල දුම්රියන් කීපයක් ද අවලංගු කළ බව ද දෙපාර්තමේන්තුව පවසනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *