හෙට (4) උදෑසන 5.00 සිට හුදෙකලා බව ඉවත් කෙරෙන කොළඹ සහ ගම්පහ දිස්ත්රික්කයන්ට අදාළ ප්‍රදේශ කිහිපයක් පිළිබඳව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර පොලිස් වසම සහ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් ද, ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිබත්ගොඩ පොලිස් වසමේ විලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ජයන්ති මාවත සහ පෑලියගොඩ පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක් ද හෙට දිනයේ හුදෙකලා බව ඉවත් කෙරෙන ප්‍රදේශ අතරට අයත් ය.
අදාළ ප්‍රදේශ සහිත ප්රවෘත්ති නිවේදනය පහතින් දැක්වේ.

