Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් දිවයිනේ රෝහල් වල ඇති අඩුපාඩු සහ අවශ්‍යතා සලකා බලා ඒ වෙනුවෙන් අත්‍යවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ ලබා දීමේ වැඩ පිලිවෙලක් අධිකරණ අමාත්‍යාංශය ආරම්භ කොට තිබේ.

එම කර්තව්‍යයේ එක් පියවරක් ලෙස අද (19) අධිකරණ අමාත්‍යාංශයේ සහ මහා භාරකාර දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් කොළඹ ජාතික රෝහලට අවශ්‍යය ආරක්ෂිත ඇඳුම් කට්ටල, මුඛ ආවරණ ඇතුළු සෞඛ්‍යාරක්ෂිත උපකරණ පරිත්‍යාග කිරීමක් අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ දී සිදුවිය.

මෙම උපකරණ ලබාදීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්‍රී මැතිතුමා ගේ මැදිහත්වීම යටතේ සිදුකොට ඇති අතර මෙම අවස්ථාව සඳහා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. කේ වික්‍රමසිංහ, මහාභාරකාර නීතීඥ ගනේෂ් ධර්මවර්ධන, අධිකරණ අමාත්‍ය පෞද්ගලික ලේකම් ජනක රණතුංග යන මහත්වරුන් සහභාගී වී සිටියහ.

අධිකරණ අමාත්‍යාංශය

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *