Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (26) පෙරවරුවේ සිට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමග කොළඹ ප්‍රදේශ රැසක මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ.

තුම්මුල්ල, කින්සි පාර, නොරිස් කැනල්, ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, ආමර් වීදිය ඇතුළු ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවී තිබේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රියව පැවතීම හේතුවෙන් ප්‍රදේශ රැසකට අද දිනයේ මි.මී 100ට වැඩි තදවැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට එලෙස වැසි පවතින බව නිවේදනය කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *