Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ දින අධිවේගී මාර්ගයේ එක පෙළට සිදුවු රිය අනතුරට හේතුව ලෙස මාර්ගයේ රථ වාහන දෙකක් අතර නිසි පරතරය තබා නොගැනීම ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ හේතුවෙන් අද දිනයේ අධිවේගී මාර්ගයේ රිය ධාවනය සම්බන්ධයෙන් විශේෂ නිරීක්ෂණ රාජකාරි කටයුත්තක් සිදු කෙරෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එබැවින් රිය ධාවනයේ දී වාහන දෙකක් අතර නියමිත පරතරය තබා ගෙන යම් අනතුරක් සිදුවීමට ඇති ඉඩකඩ අවම කර ගැනීමට උත්සාහ දරන ලෙසයි ඔහු අධිවේගී මර්ගය භාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *