Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මතුගම ප්‍රදේශයේ සිව් දෙනෙකුට කොරෝනා ආසාදනයවී ඇති බව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

මතුගම බදුගම සිරිකඳුර ප්‍රදේශයේ පදිංචි අධිවේගී මාර්ගයේ ධාවනය වන සුඛෝපභෝගී බස් රථයක හිමිකරුවෙකු සහ එම බස් රථයේ කොන්දොස්තරවරයාත්,එම බස්රථයේ රියදුරු වන මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු සහ පැලවත්ත ප්‍රදේශයේ පදිංචි කොළඹ ජාතික රෝහලේ සේවයේ නිරත හෙදියක් මෙසේ කොරෝනා ආසාදනයවී ඇති බව හෙළිවී තිබෙනවා.

එම බස්රථයේ හිමිකරුගේ බිරිඳ සේවය කරන මතුගම පිහිටි පුද්ගලික බැංකුවක් විෂබීජහරණය කර එහි කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමුකිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති අතර පී. සී.ආර්.පරීක්ෂණ වලින් පොසිටිව් වූ පිරිසගේ ආශ්‍රිතයන් පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමුකිරීමටත් කටයුතු පිළියෙළ කර තිබෙනවා.

පැලවත්ත නගරයේ සතිපොළ සහ වෙළඳසල් කීපයක් වසාදැමීමටත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පියවර ගෙන තිබුණා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *