Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාව සමග අද (21) ගාල්ලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් අනතුරකට ලක් වූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජෙරමි සොලොසානෝගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය පවසනවා.

සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ඔහුට අදාළ අනතුරෙන් බරපතල හානියක් සිදුව නොමැති බවයි.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කළ යුතු බැවින් අද රාත්‍රී කාලය ඔහු රෝහල් ගතව සිටිනු ඇති.

අද ආරම්භ වූ ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් ජෙරමි සොලොසානෝ තරගයේ පළමු දිනයේ දී ම අනතුරකට මුහුණ දුන්නේ short leg කලාපයේ පන්දු රකිමින් සිටියදී දිමුත් කරුණාරත්න එල්ල කළ පහරකින් අනතුරුව පන්දුව හිස් ආවරණයේ තදින් ගැටීම හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published.