Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දිවයිනේ විවිධ ප්‍රදේශවල අනන්‍යතා කිහිපයකින් පෙනී සිට, වංචාවන් සිදු කර සැඟව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, සැකකරු වෛද්‍යවරයෙකු, ඉන්ජිනේරුවරයෙකු, ගුරුවරයෙකු හා ව්‍යාපාරිකයෙකු වශයෙන් පෙනී සිටිමින් නොයෙක් ආකාරයේ වංචාවන් සිදු කර ඇති බවත් ඒ සම්බන්ධව පොලිස් ස්ථාන මගින් විමර්ශන ආරම්භ කර ඇති බවත් ය.

එමෙන් ම, වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කොල්ලකන ලද වාහනයක් ලක්ෂ 165කට විකිණීම, ව්‍යාජ අත්සන් යොදා රුපියල් 1,550,000ක් වටිනා වාහනයක් පවරා ගැනීම, කල් බදු සමග විකුණූ වාහනයක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීම, රුපියල් ලක්ෂ 28ක් වටිනා මෝටර් රථයක් ලබාගෙන වංචා කිරීම, රුපියල් ලක්ෂ 30 ක් වටිනා වෑන් රථයක් සොරකම් කිරීම සැකකරු සිදු කරන ලද වංචාවන් කිහිපයක් වේ.

සැකකරුගේ නම: රාෆික් මොහොමඩ් ෆාරුක් 

ජාතික හැඳුනුම්පත් අංකය: 761350446V 

ලිපිනය: 

1. 122/15B, සුහද මාවත, මන්කඩ පාර, කඩවත

2. 133/5, නාමල් ටෙරන්ස්, වට්ටියගොඩ 

3. 89/3. රජමාවත, කණුවන, ජා-ඇළ

සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වේ නම් පහත දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නියෝජ්‍ය පොලිස්පති, අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව: 0718592604

නියෝජ්‍ය පොලිස්පති, අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව කාර්යාලය: 0112685958

තව ද සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරු ලබා දෙන කෙනෙකුට රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක් ලබා දීමට පොලිස්පතිවරයා අනුමැතිය ලබා දී ඇති බව ද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

අනන්‍යතා කිහිපයකින් පෙනී සිටි පුද්ගලයා
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *