සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවකට එක් වීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කර තිබේ.
උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇරයුම් කරනු ලැබීය.
ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයක මේ බව සඳහන් කර ඇත.
ආර්ථික හා ගෝලීය කාරණා කිහිපයක් හේතුවෙන් වත්මන් අර්බුදකාරී තත්ත්වය හටගෙන ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ආසියාවේ ප්රජාතන්ත්රවාදී රටවල් අතර ප්‍රධාන පෙළේ රටක් ලෙස ප්රජාතන්ත්රවාදී ව්‍යුහය තුළම ඊට විසඳුම් සෙවිය යුතුව ඇති බවත්, සමස්ත රටවැසියන් සහ උපනූපන් අනාගත පරපුර වෙනුවෙන් ජාතික අවශ්‍යතාවයක් ලෙස එකමුතුව ක්‍රියාකළ යුතුව ඇති බව ද එම නිවේදනයේ තවදුරටත් සඳහන්ය.
ඒ අනුව අමාත්‍ය ධුර භාරගෙන ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරයා ඇරයුම් කරනු ලැබීය.