Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ්-19 සඳහා ගුණදායක බව පවසමින් ඉන්ටෙර්නෙට් හි සංසරණය වන දේශීය ඖෂධ අත්හදා බැලීම නොකරන ලෙසට දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සංවර්ධන සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය සඳහන් කරන්නේ, නොසැලකිලිමත්ව එම ඖෂධ භාවිතය තුළින් ශරීරයට අහිතකර සංයෝගයන් ඇතිවිය හැකි බවය.

ඒ හේතුවෙන්, පාරම්පරිකව භාවිතා කරනු ලබන අත් බෙහෙත් වැනි දේවල් හැරුණු කොට අනෙකුත් ආගන්තුක වට්ටෝරු භාවිතා කිරීමෙන් වළකින ලෙස ඒ මහත්මිය දන්වා සිටී.

එමෙන් ම, දේශීය ඖෂධ කිහිපයක් පිළිබඳව මේ වන විට පර්යේෂණ සිදු කරගෙන යනු ලබන බවත් එම පර්යේෂණ කටයුතු අවසන් වූ වහා ම ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සංවර්ධන සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

තව ද කොවිඩ්-19 සඳහා ලෝක සෞඛ්‍ය සංවිධායන විසින් ලබාදී ඇති මාර්ගොපදේශයන්ට අනුකූලව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන් ම තවදුරටත් පිළිපැදීම අතවශ්‍ය බව එම අමාත්‍යංශය අවධාරණය කරයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *