Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් වෛරසයට ගුණදායක බව පවසමින් අන්තර්ජාලයේ සංසරණය වන විවිධ ඖෂධ වට්ටෝරු භාවිත නොකරන ලෙස දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා.

ශරීර ප්‍රතිශක්තිය උදෙසා දේශීය වෛද්‍ය ප්‍රතිකර්ම භාවිත කළ යුත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දි ඇති මාර්ගෝපදේශ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති සෞඛ්‍ය උපදේශ ද පිළිපදිමින් බවයි නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සදහන් කළේ.

ශරීර ප්‍රතිශක්තිය උදෙසා භාවිත කළ හැකි ඖෂධ වර්ග හා අනෙකුත් ප්‍රතිකර්ම පිළිබද ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ජනතාව දැනුවත් කරන බවද අදාල නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *