Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පාර්ලිමේන්තුව ආසන්නයේ ඊයේ (03) පැවති උද්ඝෝෂණය අතරතුර දී එය පාලනය කිරීමට උත්සාහ කළ මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එච්. ජනකාන්ත මහතා බරපතළ තුවාල ලබා පැය තුනක ශල්‍යකර්මයට ලක් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ස්ථානාධිපතිවරයාගේ වම් අතේ ඇඟිලි තුනකට බරපතළ තුවාල සිදුවී ඇති අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයකට ලක් කිරීම සඳහා තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඒ මහතා ඇතුළත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ,

උද්ඝෝෂණකරුවන් විසින් පොලිස් අවවාද කිරීම් නොතකා ඉදිරියට පැමිණෙන අවස්ථාවේදී මාර්ග බාධක යොදා තිබුණා. ඒවා පෙරළමින් විරෝධතාකරුවන් ඉදිරියට ගමන් කරන්න උත්සාහ ගත්තා. එහිදී මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඔහුගේ ඇඟිලි දෙකකට බරපතළ තුවාල සිදුවී තිබෙනවා.

කොතලාවල පනත හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් ඊයේ එම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණි.

එහිදී විරෝධතාවයේ නිරත සිසුන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයට පිවිසීමත් සමග පොලීසිය එම මාර්ගය අවහිර කළේය.

එමෙන්ම රජයේ දේපළවලට රුපියල් ලක්ෂ ගණනාවක අලාභයක් සිදු කිරීම, පොලිස් නිලධාරියකුට බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් හඳුනාගත් පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *